ඛණිජ තෙල් සංස්ථාවේ බවුසර් වලට GPS සවි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ඛණිජ තෙල් සංස්ථාවේ බවුසර් වලට GPS සවි කෙරේ

ඛණිජ තෙල් සංස්ථාවේ බවුසර් වලට GPS සවි කෙරේ

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම බවුසර් ටැංකි රථ සඳහා GPS සවි කිරීම ලබන 15 වැනිදා වන විට අවසන් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

ඉදිරියේදී මෙය සියලු පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කියා සිටී.

 

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම මෙන්ම, සිදු විය හැකි ඉන්ධන වංචාවන් නැති කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මීට හේතුවී ඇත.

 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉන්ධන බවුසර් රථ 160 ක් පමණ ඇති අතර පෞද්ගලික අංශය සතුව ඉන්ධන බවුසර් 800 ක් පමණ පවතී.

views

195 Views

Comments

arrow-up