QR නැතිව හොර පාරෙන් තෙල් ගැසූ ඉන්ධනහල් 40කට වැඩ වරදී

QR කේතය නොමැතිව ඉන්ධන අළෙවිය සිදු කළ පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවි කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
මෙම ඉන්ධන හල් දිගින් දිගටම QR කේතය උල්ලංඝනය කරමින් කටයුතු කොට ඇත.
මෙම ඉන්ධන හල් හිමියන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතය.
මෙම තීරණය ගෙන ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග අද (06) පැවති ප්‍රගති සමාලෝචන හමුවේදීය.
එසේම මෙහිදී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සැලසුම් සාකච්ඡා කොට ඇත.
320 Views
Comments