චමුදිතගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම්වරයා නඩු මගට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

චමුදිතගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම්වරයා නඩු මගට

චමුදිතගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම්වරයා නඩු මගට

සමාජ මාධ්‍ය මගින් තමාට අපහාස කළැයි සඳහන් කරමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තිදෙනෙකුට එරෙහිව රුපියල්  මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

 

අසේල ධර්මසිරි යන අයෙකු විසින් Truth with Chamuditha යන Youtube  නාලිකාව තුළින් සහ ඔහුගේ මුහුණු පොත් ගිණුම් ගණනාවක් මගින්, තමා ඉලක්ක කරගෙන විවිධ අපහාසාත්මක කරුණු මෑතකදී ප්‍රචාරය කිරීම තුළින් තමාගේ කීර්ති නාමයට මෙන්ම ප්‍රතිරූපයට හානියක් වූ බවට ප්‍රකාශ කරමින් එම තැනැත්තාට එරෙහිව  සහ, එම අපහාසාත්මක කරුණු ප්‍රචාරය කිරීමට මැදිහත් වෙමින්, තම Youtube  නාලිකාව ඒ වෙනුවෙන් ලබාදී ඊට ආධාර අනුබල ලබාදීම වෙනුවෙන්, එම නාලිකාවේ හිමිකරු වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මෙලෙස  නඩු පැවරීමට ආරක්ෂක ලේකම්වරයා  කටයුතු යොදා ඇත.
 

views

228 Views

Comments

arrow-up