අද කාලගුණය

අද (28) දින දිවයිනේ නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල හා මුලතිව් සහ මාතලේ යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මින් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
එසේ ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අද (28) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
එසේ ම උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල හා ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කවල පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං විටින් විට ඇති විය හැකිය.
තවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
218 Views
Comments