මන්දකට හසු වී ගෝනෙකු මරුට

මන්දකට හසුව මියගොස් සිටි සංරක්ෂිත සත්වයෙකු වන ගෝනෙකු ඊයේ (20) පෙරවරුවේ සොයාගත් බව රත්ගම පොලිසිය පවසයි. ඒ රත්ගම මොන්රෝවියා වත්ත ප්‍රදේශයේදීය.
පොලිසියට ලද තොරතුරක් මත මෙම ගෝනාගේ සිරුර සොයාගෙන ඇති අතර පසුව ඒ පිළිබඳව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම සිරුර හික්කඩුව වනජීවි වනජීවි කාර්යාලයට භාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (20) සවස නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
199 Views
Comments