ත්‍රීරෝද රථයක් ඉස්සු සැකකරු දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ත්‍රීරෝද රථයක් ඉස්සු සැකකරු දැලේ

ත්‍රීරෝද රථයක් ඉස්සු සැකකරු දැලේ

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව රියදුරකු ලෙස සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු පැහැරගත් ත්‍රීරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ අවස්ථාවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක පී. ආර්. වීරසේන මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී ඔහු ඉදිරිපත් කළ ලිපි ලේඛනවලට ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය සමාන වූ බැවින් එහි චැසි අංක සහ එන්ජින් අංක එම ලිපි ලේඛන සමග තවදුරටත් සසඳා බලා ඇති අතර එය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ත්‍රිරෝද රථයක් බවට එහිදී අනාවරණ වූ බව පොලිසිය කියයි.

 

වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් පන්දහසක් පමණක් ඉතිරි වන බවත් ඒ හේතුවෙන් මිතුරන් පිරිසක් සමග සොරකම සඳහා යොමු වූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

 

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් ඒ පිළිබඳව කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඔහුට අයත් මෙම ත්‍රීරෝද රථය වසරකට පෙරදී වාහන අත්පත් කරගන්නා පුද්ගලයන් යැයි පැවසූ පිරිසක් පැහැරගෙන ගිය බවය.

 

ත්‍රීරෝද රථය සහ සැකකරු පයාගල පොලීසිය වෙත භාරදී ඇත.

views

202 Views

Comments

arrow-up