අරගලකරුවන්ට පහර දීම පිලිකුලෙන් යුතුව හෙළා දකිනවා - විපක්ෂ නායක

අද(22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩි පිළිකුලින් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.
සාමකාමි විරෝධතාකරුවන් විසින්ම විරෝධතා දක්වමින් සිටින ස්ථාන වලින් ඉවත් වීමට තීරණය කර තිබූ පසුබිමක ඔවුන්ට එල්ල වූ මෙම ප්‍රහාරය තමා දකින්නේ බියගුළු ප්‍රහාරයක් ලෙස බවත් ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින මෙම අවස්ථාවේදී සිදුවූ මෙම පහරදීම ජාත්‍යන්තරය හමුවේ මෙරට ප්‍රතිරූපය අනතුරේ හෙළන්නක් බවත් එතුමා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබෙනවා.
මෙලෙස තිරස්චීන ආකාරයට බලය ප්‍රදර්ශනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔහු තවදුරටත් දන්වා සිටින්නේ.
256 Views
Comments