එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරෙයි

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරෙයි

පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ ඒරෝෆ්ලොට් නඩුව පිරිවැය සහිතව නිෂ්ප්‍රභා කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

 

මෙම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් සීමාසහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නීතිපති දෙපාර්තමේන්තුව හරහා පසුගිය ජූනි මස 28 වන දින කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ද ගොනු කර තිබුණා.

 

කෙසේ වෙතත් අධිකරණය නොමඟ යවමින් මෙම වාරණ නියෝගය ලබාගෙන ඇති බවට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ගුවන් යානයට එරෙහිව නිකුත් කර ඇති වාරණ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජුනි 6 වැනිදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

views

246 Views

Comments

arrow-up