වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වේ

වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වේ

වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙම මස 9 සහ 10 යන දිනවල පැවැත්වීමට නියමිත බව සිද්ධස්තාන පරිපාලක චාල්ස් හේවාවසම් පියතුමා පවසා සිටිනවා.

 

ගෙවී ගිය වසර කීපය තුළ දී විවිධ හේතුන් මත මෙම උත්සවය බැතිමතුන් ගෙන් තොරව සිදු කල අතර මෙවර එය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

 

ඒ අනුව නව වැනි දා පස්වරු 5.30ට සන්ධ්‍යා මෙහෙය ලසන්ත ෆොන්සේකා පියතුමාගේ ප්‍රධානත්වයෙන් ද 10 වන ඉරිදා පෙරවරු 8:30 ට මංගල්‍ය මහා දෙවි පූජාව ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ  හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ද සිදු කිරීමට නියමිතයි.

views

290 Views

Comments

arrow-up