පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්

පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ගර්භනී රාජ්‍ය නිළධාරිනියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනියන්ගේ සංසදය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

 

එසේ අනුයුක්ත කිරීම අපහසු නිලධාරීනියන් සඳහා රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන අයුරින් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රාජකාරිය ඉටු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද මෙම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

 

එසේම පෞද්ගලික අංශය සඳහාද මෙය අදාළ කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් යොමු කළ ලිපියේ සඳහන්.

views

257 Views

Comments

arrow-up