JUL
15
ඉදිරි සතියේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

පවතින අර්බුදකාරී තත්වය හමුවේ දී ඉදිරි සතිය තුළ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වෙනවා.
ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු බලධාරීන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙම සතියේ දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
281 Views
Comments