ඉන්ධන පෝලිමේ තවත් මරණයක් - ඩීසල් ගන්න පෝලිමේ සිටි දෙදරු පියා ලොරියේ ගැටී මරුට

ඉන්ධන පෝලිමේ රැඳී සිටි දෙදරු පියෙකු ලොරි රථයක ගැටී අද(29) අලුයම මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය සඳහන් කරයි.
අනතුරෙන් මියගොස් තිබෙන්නේ අලුත්ගම, දර්ගා නගරය, අලවතුගොඩ, පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි සිංගප්පුලි හේවගේ ආනන්ද නමැති දෙදරු පියෙකි.
අලුත්ගම, දර්ගා නගරය අඹගහ හන්දිය පිරවුම්හලේ ඩීසල් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටියදී අලුත්ගම දෙස සිට මතුගම දෙසට ගමන් කළ ලොරි රථයක ගැටී ඇති අතර, සීනවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි සඳහන්වේ.
අනතුර සිදුකළ ලොරි රථය මතුගම දෙසට පලාගොස් ඇති අතර අද උදෑසන රියදුරු භාරවූ බවත් ලොරි රථය භාරයට ගත් බවත් පොලිසිය කියයි.
275 Views
Comments