ඔමික්‍රෝන්’ ’ඩෙල්ටා’ තරම් බිහිසුණු නෑ

කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.
'ඔමික්‍රෝන්' විකෘතිය බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත් එය 'ඩෙල්ටා' විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේය.
අදවනවිට, ලොව සියයට 90 ක් 'කොවිඩ් 19' රෝගීන් ලෙස වාර්තා වන්නේ 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.
747 Views
Comments