විදේශිකයින් ඇවිත් ඉවත් කරන අපේ කුණු

ගාල්ල කොටු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාලු උරුමය පදනම මඟින් සංවිධානය කරනු ලැබීය.
මෙය “කනෙක්ටඩ් ඩීම්ස්” ආයතනයේ දායකත්වයෙන් සිදු කරනු ලැබූ අතර ඊට විදේශිකයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.
රට විවෘත කිරීමෙන් අනතුරුව ගාල්ල කොටුව නැරඹීමට පැමිණි පිරිස් පොලිතීන් ඇතුළු කසල අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා කොටු බැම්ම ආශ්‍රිත ප්‍රදේශය විශාල වශයෙන් අපිරිසිදු වී ඇති බව ගාලු උරුමය පදනම පෙන්වා දෙයි.
ලෝක උරුමයක් වන ගාලු කොටුව පිරිසිදුව තබා ගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කලයුතු බැවින් කසල තැන තැන නොදමා ආපසු රැගෙන යාම හෝ විධිමත් ලෙස බැහැර කිරීම සිදු කරන ලෙස ගාලු උරුමය පදනම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.
696 Views
Comments