කේරළ ගංජා කිලෝ 4ක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

කේරළ ගංජා කිලෝ 4ක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 4ක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

පෑළියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපොලේ සේවයකරන පොලිස් නිලධාරියෙකු කේරළ ගංජා කිලෝ හතරකට අධික ප්‍රමාණයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කේරළ ගංජා කිලෝ 06 යි ග්‍රෑම් 542ක් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ වයස අවුරුදු 19ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුව සැකකාර පොලිස් නිලධාරියා කේරළ ගංජා කිලෝ  යි ග්‍රෑම් 191ක් සමඟ රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

එම කේරළ ගංජාවල වටිනාමක රුපියල් ලක්‍ෂ 30ක් පමණ බව කී පොලිසිය එහිදී ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක්ද බාරයට ගත් බවද පැවසීය.

 

සැකකාර පොලිස් නිලධාරියා වරකපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක් වන බවත්  සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් ස්ථානවලට බාරදුන් බවත් පොලිසිය වැඩිදුරටත් කීය.

views

724 Views

Comments

arrow-up