ආමි අමිල STF අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ආමි අමිල STF අත්අඩංගුවට

ආමි අමිල STF අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නැමැත්තාගේ ගෝලයකු වන "ආමි අමිල" නැමැත්තා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ලද තොරතුරකට අනුව තංගල්ල දංකැටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

 

එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් ද සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්විය.

 

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

views

1016 Views

Comments

arrow-up