තම රහස් ප්‍රදේශය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කාන්තාවන්ට යැවූ විවාහකයා සිම් 107ක් සමඟ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

තම රහස් ප්‍රදේශය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කාන්තාවන්ට යැවූ විවාහකයා සිම් 107ක් සමඟ අත්අඩංගුවට

තම රහස් ප්‍රදේශය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කාන්තාවන්ට යැවූ විවාහකයා සිම් 107ක් සමඟ අත්අඩංගුවට

කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභ්‍ය දර්ශන යැවූ බව කියන පුද්ගලයෙක් කහවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 සැකකරු ඔහුගේ ශරීරයේ රහස් ප්‍රදේශය මෙලෙස ඡායාරූප ගතකර කාන්තාවන්ගේ ජංගම දුරකතන වෙත යොමු කර ඇතැයි පොලිසිය පවසයි.

 

මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණු බවත් ඔහු 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

 

සැකකරුගේ නිවසේ තිබී විවිධ ආයතනවලට අයත් දුරකතන සිම්පත් 107ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු විවිධ පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත්වල ඡායාපිටපත් ලබාගෙන ඒවා උපයෝගි කරගනිමින් සිම්පත් ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.

views

18569 Views

Comments

arrow-up