අධිකරණ ඇමති වහබ්වාදියෙක් බවට චෝදනා - නීති විද්‍යාලයට සිංහල මාධ්‍ය සිසුන් 19ක් පමණයි

වර්තමාන රජයේ අක්‍රමිකතා හේතුවෙන් මෙරට කේෂේත්‍ර කිහිපයක්ම පරිහානියට පත් වෙමින් පවතින බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සඳහන් කරනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අද බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අන්තවාදියෙකු ලෙස පෙන්වා පෙන්වාදෙන උන්වහන්සේ කියා සිටින්නේ නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ විභාගයේ දී පවා විශාල ප්‍රශ්න මතුවෙමින් ඇති බවයි.
කොළඹ නීති විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේදී ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් 3,584න් 177ක්ද, දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් 380න් 37ක්ද තෝරාගෙන ඇති නමුත් සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් 1619න් තෝරාගෙන ඇත්තේ සිසුන් 19 දෙනෙකු පමණි.
මෙම ප්‍රතිඵලවල යම්කිසි අක්‍රමිකතාවයක් රජය දැනුවත් සිදුව ඇති බව දයාරතන හිමියන් චෝදනා කරනවා.
එමෙන්ම එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා මෙතරම් විරුද්ධ වන්නේ ඔහුගේ අන්තවාදී මතය නිසා බවයි උන්වහන්සේ සඳහන් කළේ.
වර්තමාන අධිකරණ අමාත්‍යවරයා වහබ්වාදය අනුමත කරන බවට දයාරතන හිමියන් චෝදනා කරනවා.
1278 Views
Comments