සිරකාරියන් ට තහනම් භාණ්ඩ දුන් බෝගම්බර දොස්තර අත්අඩංගුවට

බෝගම්බර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණීමේදී ඔවුන්ට ජංගම දුරකථන සහ උපාංග ලබාදී මුදල් අය කළ වෛද්‍යවරයෙකු බන්ධනාගාර නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයාය.
ආරක්ෂක අංශ කළ ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස ජංගම දුරකථන හැම වියන්ට විකුණු බවට වෛද්‍යවරයා පිළිගෙන තිබෙනවා. ඔහු ජංගම දුරකථන හෝ කොටස් රැදවියන්ට ලබාදී ඒවායේ මුදල් සිය බැංකු ගිනුමට ගෙන්වාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
1209 Views
Comments