යළි හස ඔසවන යාපනයේ කඩු කල්ලි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

යළි හස ඔසවන යාපනයේ කඩු කල්ලි

යළි හස ඔසවන යාපනයේ කඩු කල්ලි

යාපනයේ නීර්වේලී ප්‍රදේශයේ නිවසකට පසුගිය 21 වනදා රාත්‍රීයේ ඇතුලූවූ කඩු පොලූ රැගත් පිරිසක් එම නිවසේ භාණ්ඩවලට අලාභහානි සිදුකොට නිවසේ සිටි දෙදෙනෙකුට කඩු ප්‍රහාර එල්ලකොට නිවැසියන්දට තුවාල සිදුකර පලාගොස් ඇත.

 

මේ අවස්ථාවේදී තුවාල ලැබූවන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ.

 

ප්‍රහාරය සඳහා පස්දෙනකු හෝ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවට යාපනය පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භකොට තිබේ.

 

එම නිවසට එළෙස ප්‍රහාරය එල්ල වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

749 Views

Comments

arrow-up