වයෝවෘද්ධ පස්දරු පියාට මරු කැන්දූ තරුණයාගේ අමන විහිළුව

වයෝවෘද්ධ පුද්ගලයෙකු සහ තරුණයෙකු අතර විහිළුවක් දුරදිග ගොස් සිදුවූ තල්ලූ කිරීමකින් පස්දරු පියෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මෝදර, එගොඩඋයන 308/2 යන ලිපිනයේ පදිංචිව සිටි ටී. ඩිල්මන් පීරිස් නමැති ධීවරයෙකුය.
71 හැවිරිදි මියගිය තැනැත්තාට වරාය මාවතේදී තරුණයෙකු විහිළු කර ඇති අතර එය බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් ඇත.
පසුව තරුණයා පිටව ගොස් නැවත පැමිණ මියගිය පුද්ගලයාව තල්ලූ කර ඇති අතර එහිදී හිස කාණුවක ගැටී තිබේ.
හිස කාණුවේ ගැටී බරපතළ තුවාල සහිතව ත්‍රිරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් ඇති බව මෙතෙක් කළ මූලික පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර තරුණයා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එගොඩඋයන පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
22220 Views
Comments