පාසල් නැවත විවෘත කිරීමට පෙර වැටුප් ගැටලු විසඳන්න - ස්ටාලින්

ඔක්තෝබර් 21 පාසල් විවෘත කිරීමට පෙර ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව විසඳන ලෙස ලංකා ගුරු සංගමය ඊයේ දින රජයෙන් ඉල්ලා සිටි අතර රජයට ඔවුන්ගේ ගැටලු විසඳීමට නොහැකි නම් පාසල් නැවත විවෘත කිරීම ගැන තීරණයක් ගත යුතු බව ස්ටාලින් පැවසීය.
පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා සිසුන් 200 ට අඩු පාසල්වල විදුහල්පතිවරුන් ඊයේ කැඳවා තිබුණි.
ස්ටාලින් මහතා වැඩිදුර අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ,
"වෘත්තීය සමිති අපි රජයෙන් බලකර සිටින්නේ වහාම අපි සමඟ සාකච්ඡා කර නියමිත දිනයට පෙර සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි"
718 Views
Comments