දෙදෙරු මවක් වූ බිරිඳගේ අනියම් රැඟුමෙන් සැමියා අනූනවයෙන් බේරෙයි - සැමියා මැරීමට අනියම් පෙම්වතාට මන්නය දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

දෙදෙරු මවක් වූ බිරිඳගේ අනියම් රැඟුමෙන් සැමියා අනූනවයෙන් බේරෙයි - සැමියා මැරීමට අනියම් පෙම්වතාට මන්නය දෙයි

දෙදෙරු මවක් වූ බිරිඳගේ අනියම් රැඟුමෙන් සැමියා අනූනවයෙන් බේරෙයි - සැමියා මැරීමට අනියම් පෙම්වතාට මන්නය දෙයි

අනියම් පෙම්වතෙකු සමඟ බිරිඳ රාත්‍රියේ යහන්ගතව සිටි අවස්ථාවේ එය අතට හසුකරගත් යුධ හමුදා සෙබෙළෙකු හා අනියම් පෙම්වතා අතර ඇතිවූ ගැටුමකදී සිය නීත්‍යානුකූල සැමියා ඝාතනය කිරීමට බිරිඳ විසින් අනියම් සැමියාට මන්නා පිහියක් දුන් සිදුවීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

 

මෙම සෙබෙළා රාත්‍රියේ තම නිවසට පැමිණ දොර විවෘත කරන ලෙසට බිරිඳට පවසා ඇත. 

 

එම අවස්ථාවේ අනියම් පෙම්වතා සමඟ යහන්ගතව සිටි බිරිඳ කලබලයට පත්ව තම නීත්‍යානුකූල සැමියාට නිවසේ පසුපස දොරෙන් ගෙට ඇතුළුවන ලෙස දන්වා ඉදිරිපස දොර විවෘත කර අනියම් පෙම්වතාට යතුරුපැදියද රැගෙන පලා යෑමට කටයුතු සලස්වා තිබේ. 

 

එය දුටු නීත්‍යානුකූල සැමියා විසින් අනියම් පෙම්වතා සමඟ මිදුලේ පොර බදා ඇඳ වැටී සිටි අවස්ථාවේ බිරිඳ තම සැමියාට පහරදී ඔහුව ඝාතනය කිරීම සඳහා අනියම් පෙම්වතාට මන්නා පිහියක් ලබාදී තිබේ. 

 

විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අනියම් පෙම්වතා තම හිස් වැසුමද අතහැර යතුරු පැදියෙන් පලාගිය බවයි.

 

මෙම කාන්තාවගේ අනියම් පෙම්වතා වන සිවිල් ආරක්ෂක භටයා බිබිල, කණවේගල්ල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් වන අතර හමුදා සෙබළාගේ බිරිඳ බිබිල, නාගල, කින්දගල්ල පදිංචි දෙදරු මවකි.

 

යුද හමුදා සෙබළා විසින් මෙම අනියම් සම්බන්ධය සම්බන්ධව බිබිල පොලිසියට කිහිප වරක් පැමිණිලි කර ඇති අතර එය අසත්‍යයක් බව හමුදා සෙබළාගේ බිරිඳ පොලිස් පරීක්‍ෂණවලදී පවසා තිබිණි.

 

එමෙන්ම සිවිල් ආරක්ෂක භටයාගේ බිරිඳද මෙම අනියම් සබඳතාවය පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත.

 

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍යයේ මෙන් මෙම කාන්තාව තම සැමියා මැරීම සඳහා කඩුවක් වෙනුවට මන්නා පිහියක් ලබාදී ඇතැයි පොලිසිය පවසයි.

 

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

views

49010 Views

Comments

arrow-up