SEP
25
පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි

නාරම්මල - දම්පැලැස්ස ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති අතර දෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු කොට ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු නාරම්මල පොලිසිය විසින් සිදු කරයි.
843 Views
Comments