බන්ධනාගාරය තුළ ගංජා වගා කිරීමට ගත් උත්සාහයක් හෙළිවේ

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රැඳවියකු විසින් ගංජා වගා කිරීමට ගත් උත්සාහයක් බන්ධනාගාර නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකාර රැඳවියා කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා අතරමැදි ප්‍රතිකර්ම මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිට තිබෙනවා. පසුව එහි සිට නැවතත් බන්ධනාගාරය වෙත පැමිණෙන විට ඔහුව පරීක්ෂා කිරීමේ දී ඔහුගේ බෑගය තුළ තිබී ගංජා බීජ ග්‍රෑම් 12ක් පමණ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට හැකිවිය.
මෙම රැඳවියා තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
1013 Views
Comments