වී මිල තවත් ඉහළ යන ලකුණු

ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමේ දී දැනට පවතින මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මේ නිසා කෝටි ගණන් ලාභ ලබන මහා පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස ඔහු සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා.
කෙසේ නමුත් රජය විසින් පසුගියදා මහා පරිමාණ වී ගබඩා වටලා පාලන මිලට එම සහල් තොග මිලදී ගැනීමත් සමග තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ගොවි ජනතාව චෝදනා කරනවා.
මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජය විසින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 50ක ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52ක ද උපරිම මිලක් නියම කිරීම බවයි.
1051 Views
Comments