තේ ප්‍රතිඅපනයනය කරන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍යයි - තේ අලෙවි මණ්ඩලය

රජය විසින් රසායනික පොහොර ආනයනය නතර කිරීමත් සමග මෙරට තේ නිෂ්පාදනය පහත වැටී වෙනත් රටවලින් තේ ආනයනය කර මිශ්‍ර කර නැවතත් ඒවා ප්‍රතිඅපනයනය කරන බවට ඇතැම් පිරිස් පුවත් නිර්මාණය කර තිබුණා.
මීට ප්‍රතිචාර දක්වමින් තේ අලෙවි මණ්ඩලය පවසන්නේ එම ප්‍රචාර අසත්‍ය බවයි.
එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා කියා සිටියේ මෙරට තේ නිෂ්පාදනයෙන් 90%ක් සාම්ප්‍රදායික කලු තේ වල නිෂ්පාදනය කරන බවත් පසුගිය වසර 5 තුළ මෙරට තේ නිෂ්පාදනය කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇති බවයි.
80 දශකයේ සිට මෙරටට විදේශයන්ගෙන් තේ ආනයනය කර නැවත ප්‍රති අපනයනය සඳහා අවසර ලබාදී තිබුණද එහිදී ආනයනය සඳහා අවසර ලබා දී ඇත්තේ විශේෂිත කාණ්ඩ කිහිපයකට අයත් තේ පමණකි.
854 Views
Comments