නරුම මුනුබුරා මිත්තනියව එළව එළවා පිහියෙන් ඇන ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

නරුම මුනුබුරා මිත්තනියව එළව එළවා පිහියෙන් ඇන ඝාතනය කරයි

නරුම මුනුබුරා මිත්තනියව එළව එළවා පිහියෙන් ඇන ඝාතනය කරයි

වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක් සිය මුණුබුරාගේ පිහි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (17) පස්වරුවේදීයි.

 

ඒ මොහොතේ නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මුනුබුරා හියක් ගෙන තමන්ට පහර දීමට පහර දීමට උත්සහ කරන අවස්ථාවේදී මෙම වයෝවෘද්ධ කාන්තාව නිවසින් පිටතට පැන ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගොස් තිබෙනවා.

 

කෙසේවෙතත් තියුණු පිහිය ද අතින් ගත් නරුම මුණුපුරා ඇගේ පසුපස එලවා එලවා පැමිණ මිත්තණියගේ හිසටම පිහියෙන් පහරදී ඝාතනය කර තිබෙනවා.

 

ඝාතකයා මේ වනවිට වැලිවේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය මිත්තණියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

views

7819 Views

Comments

arrow-up