ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ පාතාලයෝ කොටු - ඒ අතර කල්ලි සහචරයින් වන කඩයා,මාලුවා,අශාන්

කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක කප්පම් ඉල්ලූ පුද්ගලයන් 06 දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර කඩයා, මාළුවා හා අශාන් නමින් හඳුන්වන පුද්ගලයින් ද වන බව පොලීසිය පවසා ඇත.
සැකකරුවන් සතුව තිබී ගිනි අවියක්, අත් බෝම්බයක් ඇතුළු ආයුධ තොගයක් ද පොලීසිය සොයාගෙන ඇත.
මොවුන් පිරිස සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයට ගිනිතබා ඇති අතර ඔහුගේ නිවසට වෙඩි තැබීමක්ද සිදුකර තිබුණි.
919 Views
Comments