යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දුන් පොරොන්දුව

ශ්‍රි ලංකාවට අඛණ්ඩව සහ ඉදිරියටත් සහයෝගය ලබාදෙන බවට මෙරටට පැමිණ සිටින එම සංගමයේ නියෝජිතයින් පිරිස විදේශ අමාත්‍ය ජී එල් පිරිස් මහතා වෙත සහතික වී ඇත.
පස්දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත කණ්ඩායම ඊයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හමුවී ඇත.
මෙහිදී මෙරට සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම, සිවිල් සේවය සමඟ කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳ ද විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපා සංගම් නියෝජිතයින් පිරිස දැනුවත් කර ඇති බව වාර්තා වේ.
මෙම හමුව විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වී ඇත.
687 Views
Comments