සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් අද දිවයිනට - ජනපති,අගමැති,මුදල් ඇමතිත් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් අද දිවයිනට - ජනපති,අගමැති,මුදල් ඇමතිත් හමු වෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් අද දිවයිනට - ජනපති,අගමැති,මුදල් ඇමතිත් හමු වෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයාගේ එම සංචාරය දෙරට අතර පවතින බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්වී පාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට දායක වනු ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

 

ලබන 05 වන දින දක්වා දිවයිනේ රැඳීසිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවීමට නියමිතව තිබේ.

 

ඉන්දීය විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලද ඉන්දීය විදේශ ලේකම්වරයා සංචාරය කිරීමට නියමිතය.

views

679 Views

Comments

arrow-up