එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය - බිරිඳ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය - බිරිඳ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය - බිරිඳ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවී ඇති සැකකරුවන් ඊයේ (15) තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුටය.

 

ඒ අතර ඝාතනය වූ පුද්ගලයාගේ නීත්‍යානුකූල භාර්යාවද සිටී.

 

එහිදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

 

ඒ මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය.

views

781 Views

Comments

arrow-up