රංගජීවට වෙඩි තැබූ මධූෂ්ගේ “පොඩි පැටී” අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

රංගජීවට වෙඩි තැබූ මධූෂ්ගේ “පොඩි පැටී” අල්ලයි

රංගජීවට වෙඩි තැබූ මධූෂ්ගේ “පොඩි පැටී” අල්ලයි

පොලිස් මත්ද්‍රව්ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන “පොඩි පැටී” නැමැත්තා අද අලුයම ජීව අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත් අඩංගුවට ගැනීමට කළුතර පොලිස් අපරාධ කොට්ඨාශය සමත් වී තිබෙනවා.

 

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. නයනජිත් මහතාට ලද තොරතුරක් මත , වැලිපැන්න, කුරුඳුවත්ත මීගම පාරෙදි සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අසල කැලෑවක සඟවා තිබූ ජීව බෝම්බය, ගිනිඅවිය සහ පතුරම් සොයාගත් බව පොලිසිය පැවසුවා.

 

“පොඩි පැටි” නැමැති 29 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවා.

 

සැකකරු ගිනි අවිය සහ ජීව බෝම්බය කිසියම් පුද්ගලයකුට ලබාදීමට යමින් සිට ඇති බව ද පොලීසිය සැක පල කරනවා.

views

1140 Views

Comments

arrow-up