පෙම්වතා සමඟ පෙම්සුව විඳි බාලවයස්කාරිය වීඩියෝගතකර බියගන්වා අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

පෙම්වතා සමඟ පෙම්සුව විඳි බාලවයස්කාරිය වීඩියෝගතකර බියගන්වා අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට

පෙම්වතා සමඟ පෙම්සුව විඳි බාලවයස්කාරිය වීඩියෝගතකර බියගන්වා අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට

තම දෙමාපියන්ට හොර රහසේ රාතී‍්‍රයේ නිවසින් පිටවූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තම පෙම්වතා සමඟ පෙම්සුව විඳිමින් සිටිද්දී එම සිදුවීම වීඩියෝගත කළ මිත්‍රයා පෙම්වතිය ඉල්ලාගෙන නැවත අපයෝජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධව තරුණයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. 

 

අදාළ දැරිය රාතී‍්‍රයේ දෙමාපියන්ට හොරෙන් නිවසින් බැහැර ව තම පෙම්වතා හමුවී තිබේ.

 

ඉන් පසුව මෙම තරුණයා විසින් අදාළ දැරියව ඒ අසල කැලෑබද ප‍්‍රදේශයකට රැගෙන ගොස් ඇත. 

 

එලෙස පෙම්සුව විඳිනු දැක ඇති අදාළ තරුණයාගේ මිතුරෙකු විසින් මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පෙම් යුවළ බියගන්වා ගමේ අයට ඡායාරූප පෙන්වන බව පවසා පෙම්වතිය තරුණයාගෙන් ඉල්ලා තිබේ. 

 

එහිදී බියවූ තරුණයා පෙම්වතිය මිත්‍රයාට භාරදී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

 

අනතුරුව පසුදා මිතුරා විසින් එම බාලවයස්කාර දැරියගේ නිවස අසල තරුණයෙකුට එම ඡායාරූප ලබාදී තිබේ. 

 

එම තරුණයා විදේශගතව සිටි තමාගේ මවට එම පින්තූර වට්ස්ඇප් කර තිබෙන අතර එම කාන්තාව එම ඡායාරූප දැරියගේ වැඩිමහල් සොයුරාට ජංගම දුරකථනයට යැවීමෙන් අනතුරුව දැරියගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

views

1675 Views

Comments

arrow-up