“6000ට තිබුණු වල්නාශක 12000යි.. යූරියා මිටිය රුපියල් 7000ට විකුණා ගොවියන්ව සූරා කනවා”
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

“6000ට තිබුණු වල්නාශක 12000යි.. යූරියා මිටිය රුපියල් 7000ට විකුණා ගොවියන්ව සූරා කනවා”

“6000ට තිබුණු වල්නාශක 12000යි.. යූරියා මිටිය රුපියල් 7000ට විකුණා ගොවියන්ව සූරා කනවා”

මේ දිනවල කූට වෙළෙඳුන් විසින් ගොවියා ගසාකමින් ඉතාම වැඩි මිල ගණන් යටතේ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිකරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේදී ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත්, ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු සෑදීමට දඟලමින් සිටින බවත් “ගොවි බිමේ මිතුරෝ” ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි.

 

පෙරේදා (23 දා) දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එම ගොවි සංවිධානය මෙම කරුණු පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති ආතර් තෙන්නකෝන් මහතා පවසා සිටියේ, “මේ කාලය වෙනකොට වල්නාශක ගිය කන්නයේ රුපියල් 6000කට විකිණුවා. අද 12000ක් දක්වා ඒක වැඩි කරලා.

කූට වෙළඳුන් ගොවියාව සූරා කනවා. කවුරු හරි කියනවා නම් වල්නාශක නැතුව ගොවිතැන් කරන්න පුළුවන් කියලා ඒ කෙනා පට්ටපල් මෝඩයෙක්.

වල්නාශක නැතුව කුඹුරුවල හැදෙන්නේ තණකොළ. වල්නාශක නැති වුණොත් ලබන කන්නයේ ඉඳලා රටේ මිනිස්සුන්ට කන්න වෙන්නේ තණකොළ ඇට තමයි.

මේක වී ගොවිතැන ඉවත් කරන්න රජයෙන් කරන උපක්‍රමයක්ද කියලා අපට සැකයක් තියෙනවා.”

යනුවෙනි.

 

කොටසක් පරාක්‍රම සමුද්‍රය අල්ලා ගෙන ඒකෙ මං තීරු හදන්න දගලනවා. වී මිල රුපියල් 55ක් ඇති කියලා කියනවා.

මේ වැඩ කරන්නේ ගොවියෝ නෙමෙයි බත් කන මිනිස්සුද කියලා හිතෙනවා.

පි කියනවා ලොකු පාප කර්මයකුත් ඇති කරගෙන සංඝ භේදයක් නිර්මාණය කරලා.

මාධ්‍ය ඉස්සරහා වී මිල 55 ක් ඇති, මං තීරු හදන්න ඕන කියලා කෑගැහුවේ වෙන කවුරුවත් නෙමෙයි ඒ අයගේ හෙන්චයියෝ.

අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැවේ මං තීරු හදන්න එන්න එපා. 

 

ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් යූ. සරත් ජයසිංහ මහතා පැවසුවේ,

 

“යූරියා මිටිය රුපියල් 6000ට 7000ට විකුණලා ගොවීන්ව සූරා කනවා. තෙලූත් එහෙමයි. සමහර ඒවා කල් ඉකුත්වෙලා.

ල් ඉකුත් වෙච්ච ඒවා විකුණන්නත් බෑ. මේ වෙනකල් ගොවියාට කියා නෑ කොහොමද ඊළඟට එන මාස් කන්නයේ වගා කරන්නේ කියලා. 

 

ස්ථිරව පැහැදිලි ප‍්‍රකාශයක් රජය කරන්න ඕන. මේ සැරේ කොහොමද ගොවිතැන කරන්නේ කියලා.

අපට පොහොර කොපමණ ප‍්‍රමාණයක් දෙනවාද එහෙම නැත්තං නොදෙනවාද? කාබනික පොහොරවලින් කොහොමද කරන්නේ?

එහෙම කරනවා නම් කොච්චර කුඹුරකට ඕනද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපේ ගොවි ජනපදවල රාජ්‍ය නිලධාරින් ඉන්නවා.

අදාළ ඒවා දැනුම්වත් කරන්න. හැබැයි අද වෙනතෙක් එහෙම දැනුවත් කරලා නෑ.

රජය කරවන ආණ්ඩුව මේ වෙලාවේ ගොවියාගේ මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කියලා ඉල්ලනවා.

views

764 Views

Comments

arrow-up