පස්ස දොරෙන් ජරා කෑම විකිණූ වෙළෙන්ඳන්ට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

පස්ස දොරෙන් ජරා කෑම විකිණූ වෙළෙන්ඳන්ට වැඩ වරදී

පස්ස දොරෙන් ජරා කෑම විකිණූ වෙළෙන්ඳන්ට වැඩ වරදී

කොවිඩ් සංචරණ සීමා කාලයේ පස්ස දොරෙන් ආහාර අලෙවිකරන වෙළඳසැල් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ තිහක් විනාශකළ බව ශ්‍රි ජයවර්ධනපුර මහ නගරසභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසුවේය.

 

සංචරණ ඇඳිරි නීතිද නොතකමින් ඇතැම් වෙළඳසැල් හිමියන් ආහාරපාන අලෙවි කිරීමේ නිරතව සිටි බවද ඔහු කියා සිටියේය.

 

මෙවර ආහාර වැටලම් වලදී දක්නට ලැබුනු බරපතල සෞඛ්‍ය ගැටලු‍ව වන්නේ පිසින ලද ආහාර පිළියෙල කරන අරක්කැමියන් කොවිඩ් සෞඛ්‍ය නීතිවලට අනුව මුව ආවරණ පැළඳ නොසිටිම බවද ඔහු සඳහන් කළේය.

 

කොරෝනා වසංගතය වැලැක්වීමට පනවා ඇති අවම සෞඛ්‍ය නීතියවන මුව ආවරණ පැළඳ නොසිටින්නන් පිසින ලද ආහාර මිලදී ගැනීමෙන් කොවිඩ් පැතිරීමේ අවදානම වැඩි බවද වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දුන්නේය.

 

එසේ පරිභෝජනයට නුසුදුසු ලෙස මැස්සන් ගසන පරිසරයකදී මුව ආවරණ නොමැතිව සැකසූ ආහාර විනාශකල බව පැවසූ ඒ මහතා වැටලීමේදී සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය වෙළඳසැල් කිහිපයක් වැටලූ බවද පැවසීය.

 

සුපිරි වෙළඳසැල්වලද පුස් බැඳුණු සමහර එළවලු‍ පලතුරු මිල අඩුකොට අලෙවියට තබා ඇති අයුරු දක්නට ලැබුණු බවත් ඒවා විනාශ කිරීමට කටයුතු කළ බවත් පැවසුවේය.

views

773 Views

Comments

arrow-up