මෙරට තුළ සයිනොෆාම් එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් පිහිටුවන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර

කොවිඩ් -19 මර්දන සයිනොෆාම් එන්නත නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවන ලෙස චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සයිනොෆාම් සමාගමෙහි කළමනාකරණයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
පසුගිය 23වනදා සීමාසහිත සයිනොෆාම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයෙන් ලද ආරාධනා වකට අනුව එහි ගිය ආචාර්ය පාලිත කොහොන මහතා සහ තානාපති කාර්යාල නිලධාරින් සයිනොෆාම් මූලස්ථානයේ උප සභාපති ෂි ෂෙංයි ජීව විද්‍යාත්මක නිෂ්පාදන අංශයේ සභාපති ෂු ජිංජින් සහ ජාත්‍යන්තර අංශයේ උප සභාපති යාන් බිං යන මහත්වරුන් හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර තිබුණි.
වාණිජමය වශයෙන් ශ‍්‍රී ලංකාවට එන්නත් මාත්‍රාවන් මිලියන 23ක් ලබාදීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට මෙහිදී සිය ස්තූතිය පළ කළේය.
745 Views
Comments