බමන මතින් මහේස්ත්‍රාත් නිල නිවසේ රාජකාරි කල කොස්තාපල් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

බමන මතින් මහේස්ත්‍රාත් නිල නිවසේ රාජකාරි කල කොස්තාපල් අත්අඩංගුවට

බමන මතින් මහේස්ත්‍රාත් නිල නිවසේ රාජකාරි කල කොස්තාපල් අත්අඩංගුවට

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි කොස්තාපල්වරයෙකු එම නිල නිවස ඉදිරිපිට බීමත්ව අශෝබන ලෙස හැසිරෙමින් නිල ඇඳුමෙන් සිටියදි අත්අඩංගුවට ගත් බව  ගාලු‍ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

 

පෙරදින සවස 6සිට අද අලු‍යම 6දක්වා මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාව සඳහා අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්ත මෙම කොස්තාපලවරයා යොදවා සිටියදි නිල ඇඳුමෙන්ම බිමත්ව අශෝබන ලෙස හැසිරිම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබිණි. 

 

ඒ අනුව ඊයේ(24) රාත්‍රී 10.40ට පමණ පොලිසිය පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

 

පසුව එම කොස්තාපල්වරයාව බලපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහු බිමත්ව සිටින බවයි.

 

සැකකාර කොස්තාපල්වරයා අද(25) බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

views

825 Views

Comments

arrow-up