“හැසිරීම හොඳ නෑ, ඇප දෙන්න බෑ” බදියුදීන් යළිත් ඇතුලට

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිට කෲරත්වයට ලක් කිරීම, වධ හිංසාවට ලක්කිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01) නියෝග කළාය.
සැකකරු සම්බන්ධව සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නැති බැවින් ඇප මත මුදාහැරීම තුලින් ඉදිරි විමර්ශනවලට හා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බව පවසමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වූ අතර විරෝධතාවය පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය.
සැකකරු බන්ධනාගාරගත කර සිටියදීත් හැසිරී ඇති ආකාරය මත ඔහු ඇප මත මුදාහැරීම තුළින් ඉදිරි විමර්ශනවලට බාධාවක් මෙන්ම සාක්‍ෂිකරුවන්ට බලපෑමක් ඇතිවිය හැකි බව අධිකරණයටද පෙනී යන්නේ යැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පෙන්වා දුන්නාය.
තමා විසින් අධිකරණය හමුවේ දක්වනු ලැබූ කරුණු පටිගත කළ බවට සැකකරන පුද්ගලයා රිෂාඩ් බදුර්දීන්ට කොටස් හිමි යූ.ටී.වී. නමැති මාධ්‍ය ආයතනයේ බාහිර මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත්, ඔහු පටිගත කළ එම හඬපට බන්ධනාගාරගත කර සිටින බදුර්දීන්වෙත යොමු කළ බවට සැකයක් මතුවී ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරන අවධියේදී නීත්‍යානුකූලව කිසිවෙකුට ව්‍යාපාරයක් කිරීම හෝ කොටස්වලට හිමිකාරිත්වය දැරීම සිදුකළ නොහැකි වන්නේ යැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා සැකකරුගේ හැසිරීම් රටාව අනුව ඔහු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා වීමේ හැකියාවක් නැතැු කිසිවකුටවත් සහතික කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.
792 Views
Comments