වැරදි පැත්තෙන් මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය යතුරුපැදියේ ගිය පියා සහ දියණිය යට කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

වැරදි පැත්තෙන් මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය යතුරුපැදියේ ගිය පියා සහ දියණිය යට කරයි

වැරදි පැත්තෙන් මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය යතුරුපැදියේ ගිය පියා සහ දියණිය යට කරයි

සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදියක් අද(25) උදෑසන වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පට්ටේලිය බෝක්කුව හන්දිය ආසන්නයේදී ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පියෙකු සහ දියණියක තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇත.

 

මෝටර් රථය පැදවූ වෛද්‍යවරියක් වාද්දුව පොලිසියට භාරවී ඇතැයි පොලිසිය පවසයි.

 

මෝටර් රථ රියදුරු අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

1298 Views

Comments

arrow-up