ව්‍යාපාරික පියාව මැරූ පුත්‍රයා තවදුරටත් රිමාන්ඩ්

මීට වසර හතරකට පමණ පෙර ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන ඒ මහතාගේ පුත්‍රයා ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඊයේ (01) එම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනීද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීණි.
එම අපරාධයට සම්බන්ධ අයෙකු සාක්ෂිකරු වශයෙන් ඉදිරිපත් නොකොට සැකකරුවෙකු වශයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර ඉල්ලීම් කර තිබූ අතර ඊට අදාළව ඊළඟ දින කරුණු දක්වන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියම කෙරුණි.
සැකකරු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
777 Views
Comments