කළුතර බන්ධනාගාරයට පියෑඹූ හෙරෝයින් සහ අයිස්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

කළුතර බන්ධනාගාරයට පියෑඹූ හෙරෝයින් සහ අයිස්

කළුතර බන්ධනාගාරයට පියෑඹූ හෙරෝයින් සහ අයිස්

කළුතර බන්ධනාගාරයේ “ඊ” අංශයට පිටතින් විසිකළ පාර්සලක තිබී හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අත්අඩංගුවට ගත්බව බන්ධානාගර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසුවේය.

 

හෙරෝයින් ග්‍රෑම් 9ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

කළුතර බන්ධනාගාරයේ අවි අංශයේ සහ ක්ෂේත්‍ර සේවා නිලධාරීන් කළ සෝදිසියකදී එම පාර්සලය සොයාගත් බවත් ඉදිරි කටයුතු සදහා මත්ද්‍රව්‍ය පාර්සලය ක`ඵතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කළ බවත් චන්දන ඒකනායක මහතා කීවේය.

views

733 Views

Comments

arrow-up