මනුෂ නානායක්කාර සී.අයි.ඩී.යට කැඳවයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මනුෂ නානායක්කාර මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විගණන අංශය මඟින් පවත්වාගෙන යන විමර්ශනයට අදාළ තොරතුරු ලබාගැනීම සදහායි මෙලෙස මන්ත්‍රීවරයා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එළඹෙන 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට කැඳවීම් කර තිබෙනවා.
කෙසේ නමුත් තමාව කැඳවන්නේ කුමන විමර්ශනයට දැයි නිශ්චිතව අනාවරණය නොකිරීම හේතුවෙන් නීතිඥ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
984 Views
Comments