තියුණු ආයුධයකින් පහර දී මිතුරාව ඝාතන කල නරුම මිතුරා

සපුගස්කන්ද ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කොට ඇත.
ඊයේ රාත්‍රියේ(11)කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට සපුගස්කන්ද පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකින් ක්‍රියාත්මක වූ පොලීසිය අදාල ස්ථානයට ගොස් එම පුද්ගලයා රෝහල් ගත කොට ඇත.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු මාපොළ ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයකි.
වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදුකරන අතර මේ වන විට අනාවරණය වී ඇත්තේ තම මිතුරකු සමඟ වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම මිතුරා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදු කර ඇති බවයි.
සැකකාර මිතුරා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු සොයා සපුගස්කන්ද පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
1078 Views
Comments