ඩක්වත් ලුවිස් ක්‍රමේට ජය දකුණු අප්‍රිකානු කණ්ඩායමට

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 67කින් ජය ගනිමින් තරඟාවලිය 1-1ක් ලෙස සම කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට උදෑසන සිට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා වූණා. කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.
නියමිත පන්දුවාර 47 තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 283 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 36.4කදී ලකුණු 197කට දැවී ගියා.
786 Views
Comments