ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ 25ක් කොරෝනාවෙන් මිය ගිහින්.. 400ක් ආසාදිතයි - වසන්තා හඳපාන්ගොඩ

පසුගිය දිනවල ගුරු විදුහල්පති උද්ඝෝෂණ සදහා සහභාගි වූ ගුරුවරුන් 25 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇති බව වගකීමකින් යුතුව ප්‍රකාශ කළ හැකි බව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසා තිබෙනවා.
මීට අමතරව තවත් ගුරුවරුන් 400ක් පමණ කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා.
හලාවත ජෝෂප් වාස් විදුහලේ පසුගියදා මියගිය ගුරුවරයාද අවසාන මොහොත දක්වා ගුරු උද්ඝෝෂණ වලට සම්බන්ධ වී ඇති බව ඔහුගේ බිරිදම තහවුරු කර ඇති බව ඇය හෙළිදරව් කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරිය පවසන්නේ උද්ඝෝෂණ මෙහෙයවූ ගුරු සංගම් මෙම මරණ වෙනත් හේතු නිසා මිය ගිය බවට පෙන්වීමට උත්සාහ ගැනීම විමතියට ලක් වන කරුණක් බවයි.
කෙසේ නමුත් ඇතැම් පිරිස් ගුරු උද්ඝෝෂණයට කොවිඩ් වෛරසය බලපෑමක් සිදු නොවූ බවට කවි නිසැදැස් පවා ලියා තිබුණා. එවැනි නිර්මාණයක් පහතින්.
ගුරු අගය දත් කොරෝනා ............
කොරෝනා ,
උඹ හරි නපුරුයි බන්......
විටින් ව්ට සන්නද්ධ වෙමින් .........
ලෝකේ වටේ ගිහින් ....
බිලියන ගණන් අහිංසක
ජීවිත ........
බිලිගන්නවා උඹ......
ඒත් මට පුදුමයි ..!
තම අයිතීන් වෙනුවෙන් .
පාරට බැස්ස ..........
අපේ රටේ දහස් ගණන් ..
ගුරුවරු දිහා උඹ .....
හැරිලාවත් බැලුවේ නෑ....
ඒ කියන්නේ ...........
උඹ දන්නවා..........
මේ අරගලය සාධාරණයි කියලා .........
උඹට තේරෙනවා ......
රටක ගුරුවරුන්ගේ ....
වටිනාකම .........
උඹ කොච්චර නපුරු වුනත් .....
අපේ රටේ පාලකයින්ට වඩා උඹ හොඳයි බන්...............
source: silumina
2050 Views
Comments