සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කළහොත් පාරට බැස විරෝධතා කරන බව ගුරු සංගම් පවසයි

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් වලට අදාලා ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා අනෙකුත් විෂයන් වල ප්‍රතිඵල නිකුත් කිරීමට රජය සූදානම් වන බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එවැනි තීරණයක් ගතහොත් ඊට විරුද්ධව කටයුතු කරන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිව අනෙකුත් විෂයයන්ට ප්‍රතිඵල නිකුත් කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවයි.
මේ වන විට ගුරුවරුන් සියලුම ඉගැන්වීම් සහ විභාග කටයුතු වලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටිනවා.
source: lankacnews
1181 Views
Comments