තරුණයෙකුට එල්ලා පහරදුන් පොලිසියේ දෙදෙනා වැරදිකරුවෝ වෙති - පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්නැයි නියෝග

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයෙකුට රුපියල් ලක්‍ෂය බැගින්වූ වන්දි ගෙවන ලෙස ඊයේ (22) නියෝග කළේය.
අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2017 වසරේදී පැමිණිලිකාර තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන එල්ලා සිදුකළ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පෞද්ගලික මුදල් වලින් එම වන්දිය ගෙවන ලෙසට නියෝග කළේය.
වන්දියට අමතරව රුපියල් 25,000 බැගින් වූ නඩු ගාස්තු ඔවුන්ගේ පෞද්ගලික මුදලින් පෙත්සම්කාර තරුණයාට ගෙවන ලෙසත් අධිකරණය නියෝග කළේය.
මෙලෙස වරදකරුවන් කර නියෝග ලබා දුන්නේ සිරිසේනගේ පි‍්‍රයදර්ශන හා නිලන්ත පි‍්‍රයදර්ශන යන පොලිස් නිලධාරීන්ටය.
945 Views
Comments