පෙම් හුටපටයෙන් පසු ගිනි ඇවිලී මියගිය පෙම්වතියගේ මරණය ඝාතනයක් දැයි පුළුල් පරීක්‍ෂණ

පෙම් ආරවුලක් හේතුවෙන් සිරුරට ගිනි ඇවිළී මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි නසාගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා ඇත.
මිනුවන්ගොඩ, විතානමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එල්. ටී. කල්පනි දිල්හාරා දුලානි නැමැති තරුණිය පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි ගරාජ් කාමරයක් තුළ සිරුරට ගිනි ඇවිළෙමින් තිබියදී පසුගිය 17 වනදා දහවල් හමුවීමෙන් පසුව ගම්පහ මහ රෝහලේදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය තරුණිය නාවල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවත්, ඉකුත් 17 දින දිල්හාරාගේ සොහොයුරාගේ උපන්දින සැමරුමට දිල්හාරාගේ පෙම්වතා පැමිණ සිටි බවත් මරණකාරියගේ මව මිනුවන්ගොඩ පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත.
උපන් දින සාදයෙන් අනතුරුව දිල්හාරාට නාඳුනන පුද්ගලයෙකුගෙන් ඇමැතුමක් ලැබී ඇති බවත් ඉන් පසුව මියගිය දිල්හාරා සහ ඇගේ පෙම්වතා අතර ආරවුලක් ඇතිවී ඇති බවත් පසුව දෙදෙනා සමතයකට පත්වී කතාකර ගැනීමට අවශ්‍ය බව පවසා මියගිය තරුණිය පෙම්වතා සමඟ නිවස අසල පිහිටි ගරාජ් ගොඩනැඟිල්ලට ගිය බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පෙම්වතා ගරාජයෙන් එළියටවිත් සුළු වේලාවකින් ගරාජයේ සිට මරණකාරිය කෑ ගසන ශබ්දය ඇසී මව සහ පිරිස එක්වී ගින්න නිවා තරුණිය රෝහල් ගතකිරීමෙන් පසුව ඇය මිය ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
975 Views
Comments