ශ්‍රී ලංකාවේ තරුණයෙක් බෙහෙත් පෙති නිපදවන යන්ත්‍රයක් නිර්මාණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නව නිපැයුම් ශිල්පි කැලුම් වාදසිංහ විසින් බෙහෙත් පෙති නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් නිපදවා තිබේ.
මෙම යන්ත්‍රයේ ඇති සියලුම උපාංග දේශීයව නිර්මාණය කර ඇති අතර විදෙස් රටකින් එවැනි යන්ත්‍රයක් ආනයනය කරන්නේ නම් රුපියල් ලක්ෂ 30ක් 40ක් පමණ වැය කිරීමට සිදුවන බව වාදසිංහ පැවැසුවේය.
මෙම යන්ත්‍රයෙන් බටහිර ඖෂධ පමණක් නොව දේශීය ඖෂධ වර්ගද නිෂ්පාදනය කිරිමේ හැකියාව ඇත.
මෙහි විශේෂත්වය වන්නේ බටහිර ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රවල බොහෝදුරට දේශීය ඖෂධ දැමු විට යන්ත්‍රය හිරවීමේ ඉහල ප්‍රවණතාවයක් ඇති නමුත් මෙම යන්ත්‍රයෙන් ඒ සියලු අවහිරතා මඟහැර දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
මෙම යන්ත්‍රය නිශ්පාදනය කිරීමට රුපියල් ලක්ෂ 4 1/2ක් වැනි මුදලක් වැයවූ බවද වාදසිංහ පැවසුවේය.
මෙය නිපදවීමට පෙර පර්යේෂණ රැසක් සිදුකර ඇති අතර ඖෂධයේ හැඩය ලබාගැනීම සඳහා අත්හදා බැලීම් කීපයක්ම සිදුකෙරිණි.
ඒ අනුව මෙය නිපදවීමට මාස 6ක කාලයක් ගතවී තිබේ.
එවැනි යන්ත්‍රයක් නැවත අලුතින් නිෂ්පාදනය කිරීමට මාස දෙකක කාලයක් පමණක් ගතවන බව වාදසිංහ කියයි.
“මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරිමේදී ඖෂධයේ හැඩය ලබාගැනීම, බර, කාලය, ප්‍රමාණය වැනි කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. විදේශ රටකින් ආනයනය කළ යන්ත්‍රයක් කැඩුණොත් එහි අමතර කොටස් එය ආනයනය කළ රටෙන් ගෙන්වීමට සිදුවෙනවා.
නමුත් මේ යන්ත්‍රය නිපදවුයේ ලංකාවේ උපාංගවලින්. ඕනෑ වෙලාවක අපට මෙය අලුත්වැඩියා කරගන්න පුළුවන්.
මෙය සම්පුර්ණයෙන් “මෙඩි ඉන් ශ්‍රී ලංකා”
යැයි වාදසිංහ පැවැසීය.
836 Views
Comments